ඉසුරු සොයා ගිහින් දුක් විඳින කතුන්.

 


ගෘහ සේවය සඳහා මෙරටින් සවුදියට ගිය කාන්තාවන් සිව් දෙනකු  රියාද් හී නිවාසයක රඳවා මාස ගණනාවක් තිස්සේ විවිධ හිරිහැර බාධා කරදර සිදුවන බව එම කාන්තාවෝ පවසති.

එක කාන්තාවක් සඟවාගෙන සිටි දුරකථනයක් හරහා ඔවුන් තමන් මුහුණ දෙන අමිහිරි අත්දැකීම් පිළිබඳව මෙරට මාධ්‍ය වෙත තොරතුරු ඒවා තිබේ.

මෙම කාන්තාවන් කොළඹ සහ කුරුණෑගල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනවලින් විදේශගත වූ බව කියයි.

නිසි ලෙස ආහාරපාන නොමැතිවීම වැටුප් අහිමිවීම විවිධ හිරිහැරවලට ලක්වීමෙන් රැකියාව අහිමිවීම ඇතුළු කරුණු රැසක් නිසාවෙන් මෙම කාන්තාවන් නිවෙස්වල සිට රැකියා නියෝජිත ආයතනයක සවුදි අරාබියා රියාද් හි මහල් නිවාසයකට ගෙනවිත්දමා තිබෙන බව ඔවුන් පවසයි.

මෙම ස්ථානයේ වෙනත් රටවල්වලින් ගෙනත් දැමූ විශාල ගෘහ සේවිකාවන් පිරිසක් ද රැඳී සිටින බව පවසන මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ඔවුන් ද එම ස්ථානයෙන් මුදවා ගන්නා ලෙස ඉල්ලීමක්ද කර සිටි.

ආර්ථික දුෂ්කරතාවයන් නිසා විදේශගත වූ බවත් එහෙත් පෞද්ගලික රැකියා නියෝජිත ආයතනවලින් සිදු කරන අමානුශීය ක්‍රියාකලාපයන් පිළිබඳව කොතෙක් දැනුවත් කළද ඉන් කිසිදු පලක් නොවන බවද පවසන ඔවුන් මේ වන විට තම නිවෙස් වලට පවා දුරකථන ඇමතුමක් ලබාගෙන තමන් විඳින දුක සහ අත්ව ඇති ඉරණම පිළිබඳව දැනුවත් කිරීමට නොහැකිව සිටින බවද පෙන්වා දෙන මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ එකම ඉල්ලීම් බවට පත්වන්නේ ශ්‍රී ලංකා රජය මැදිහත්ව තමන්ව බේරාගන්නා ලෙසය .

තවත් පුවත් : 

Post a Comment

0 Comments