ඩයනා නෙරපීමට ගත් තීරණය හරිද?වැරදිද?


රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය රජයට සහයෝගය දීමෙන් සමගි ජන බලවේගය පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින් ඇය පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යානුකූල බව ස.ජ.බ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය .

ඔහු මේ බව ප්‍රකාශ කළේ සජබ පක්ෂයේ සාමාජිකත්වයෙන් තමා නෙරැපීම ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනි හෙයින් එම තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී ය.

මෙම නඩුවේ විසඳිය යුතු ප්‍රශ්නය වන්නේ පෙත්සම්කාරිය පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය හරිද,වැරදිද? යන කරුණ පමණක්  බවත් ,පෙත්සම්කාරිය පක්ෂ විනය කඩ කරමින් කටයුතු කර ඇතැයි ඔහු පැවසීය .

පක්ෂ ව්‍යවස්ථාවට අනුව විරුද්ධ පක්ෂයට සහයෝගය දැක්වීම හෝ සහයෝගය පළකරන ආකාරයට මොන ආකාරයෙන් හෝ කටයුතු කිරීම සජබ පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි යැයි ද ,පෙත්සම්කාරිය රජයට පක්ෂව පාර්ලිමේන්තුවේදීත්,මාධ්‍ය  හමුවදීත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇතැයිද ,ඇය පක්ෂ ව්‍යවස්ථාව ඝෘජුවම උල්ලංඝනය කර ඇතැයිද ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය .ඒ අනුව මෙම පෙත්සම ඉදිරිියට පවත්වාගෙන යාමට නොහැකි යැයිද පැවසීය .වැඩිදුර විභාගයට කල් තැබින.

තවත් පුවත් : 

Post a Comment

0 Comments