මේ රටේ ආර්ථිකය විනාශ කළේ යහපාලන නඩය බවත් ,රටේ තරුණයන් අද දරාගත නොහැකි මානසික පීඩනයකට ලක්වී ඇති බවත් ,මොන ආණ්ඩු බලයට පැමිණියත් තරුණයන්ගේ ප්‍රශ්න දෙස සංවේදීව බැලිය හැකි ක්‍රමවේදයක් තිබිය යුතු බවත් ,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පොහොට්ටු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය .
රංජිත් බණ්ඩාර මේ ප්‍රකාශ තවමත් කරන්නේ මේ රටේ මිනිස්සු ගොන්නු කියල හිතාගෙනය.ඒ නිසා තවදුරටත් මිනිස්සු තමුන්නැහැලාගේ ඔය ව්‍යාජ ප්‍රකාශ වලට රැවටී තමුන්නැහැලා පසුපස එයි කියල හිතාගෙන ඉන්නවනම් එය වැරදි තක්සේරුවකි.
තමුන් යහපාලන නඩය ලෙස හඳුන්වන්නේ කවුද ?
ඒකට රනිල් හිටියේ නැද්ද ?
යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් නේද?ඒක ඔයා දන්නෙ නැද්ද ?ඔයා තොත්ත බබාද? ඔබ කියන ලෙස රටේ ආර්ථිකය විනාශ කළේ යහපාලන නඩය නම්,ඒ යහපාලන ආණ්ඩුවේ අගමැති හා මුදල් ඇමති රනිල් නේද ?එහෙව්
රනිල්ව ජනාධිපති කරන්න ඔබත් අත ඉස්සුවා නේද ?
තරුණයන්ගේ ප්‍රශ්න විසඳන්න ක්‍රමවේදයක් නැත්නම් ආණ්ඩුව ඇතුලේ ඉඳන් ගේන හැම ද්‍රෝහි පනතකටම පාර්ලිමේන්තුවේදී අත ඔසවන්නේ අහවල් දේකටද?දැන් තිබෙන්නේ රනිල් ,පොහොට්ටු ආණ්ඩුවක් නේද ?ඔබත් ඉන්නේ ඒ ආණ්ඩුවේම නේද ?
ඒ නිසා ජනතාව රවට්ටන්නේ නැතිව හෘර්දශාක්ෂියක් තියෙනව නම් ආණ්ඩුවෙන් ඉවත්වෙලා ඕවා ප්‍රකාශ කරන ලෙස ඉල්ලමි.තමුන්නැහැලාට රැවටෙන්න මේ රටේ ජනතාව දැන් නැති වගත් හිතේ තබාගෙන මහාචාර්ය පට්ටමේ ගෞරවයවත් තියාගන්න කියා අපි ඉල්ලමු .
----විමර්ශක----
තවත් පුවත් :
0 Comments