ජනාධිපතිවරණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් පෞද්ගලික මත ඉදිරිපත් නොකරන්න යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇත.
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තම පක්‍ෂය මෙතෙක් තීරණයක් කර නොමැති බැවින් ඒ පිළිබඳව පෞද්ගලික මත ඉදිරිපත් කිරීමෙන් පක්ෂ යාන්ත්‍රණයට හානි විය හැකි බවද එනිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසද ඒ මහතා දැනුම් දී තිබේ.
දේශපාලන නායකයන් පෞද්ගලික මත සමඟ නොයා පොදු දේශපාලන මතය සමඟ ජනතාව ඒකරාශී කරගත යුතු යැයිද ඒ මහතා තවදුරටත් සඳහන් කර ඇත.
තවත් පුවත් :
- රෝයල් ගැම්මට සෙට් වුණු ඇමරිකානු තානාපතිනිය ,රනිල් හා හර්ෂ.
- රනිල් ,මහින්ද ,බැසිල් සාකච්ඡා අධිරාජ්‍යවාදයේ සියුම් මෙහෙයුමක්.
0 Comments