මෙම සටහන ලියන්නේ ජනාධිපතිවරණයක් අතළඟ නිසා වාමාංශික හා ප්‍රගතිශීලී නායකයන්ගේ ඇස් අරවන්නටය.
1982 පැවති ජනාධිපතිවරණය සඳහා ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයා වූයේ ශ්‍රීලනිප හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාය.
ඇත්ත වශයෙන්ම ඔහු ඉදිරිපත් වූයේ ජේ.ආර් ජයවර්ධන විසින් 80 වැඩ වර්ජනය තලාදමා,සිරිමා මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර, තිබූ දැඩි මර්දනකාරී පරිසරයක් තුලය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි ප්‍රගතිශීලී නායකයකු වූ ඔහු විජය කුමාරතුංග මහතාගේ දැඩි මැදිහත්වීම උඩ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.
ඔහුට විරුද්ධව ජේ ආර් පමණක් නොව කොල්වින් ,විජේවීර හා නසසප වාසුදේව සහෝදරයාද ඉදිරිපත් විය.
වම හා ප්‍රගතිශීලී ව්‍යාපාරය මෙසේ බෙදී තරඟ කිරීමේ වාසිය හිමිවුනේ දක්ෂිණාංශික අපේක්ෂකයා වූ ජේ ආර් ටය.
ඉන් අනතුරුව සිදු වූයේ කුමක්ද ?
එම පරාජයේ ප්‍රතිඵලය නැවතත් ජනතාව මත වැටුණු මර්දනකාරී සාපයක්ම විය. ඉන් පසුව පැවති මගඩි ජනමතවිචාරණයකින් පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු ඡන්දය අවලංගු කර දැමීය. ජනමතය පරාජය වූ ආසනවල පැවති අතුරු මැතිවරණ ඡන්දයෙන්ද බියකරු රාජ්‍ය මර්ධනය මෙහෙයවා ඡන්ද දෙතුන්වරක් ගණන් කර ප්‍රගතිශීලී ජනතා කඳවුරේ නායකයන් වූ විජය කුමාරතුංග , වාසුදේව වැනි ප්‍රබලයන්ව පරාජයට පත් කලේය.
එතැන් පටන් ජේ ආර් ,රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පක්ෂ තහනම් කරමින් ,නැක්සලයිට් චෝදනා මත විජයව සිරගත කරමින් ,උතුරේ හා දකුණේ කැරලිකාරී ව්‍යාපාර වැඩෙන්නට ඉඩ හරිමින් ,කලු ජූලිය ඇති කරමින් ඉංදියානු මැදිහත් වීමක් දක්වා උතුරේ යුද්ධය දිගහරිමින් ගෙන ගිය ජේ ආර් ජයවර්ධනගේ අති බිහිසුණු පාලනය අපට මතකය.
අද සිටින්නේ එදත් ජේ ආර්ට සහාය වුනු ඔහුගේ බෑනා වන රනිල් වික්‍රමසිංහ ය.ඔහුට ජනමතයක් නැතත් දැනටමත් මාමාගේ අඩි පාරේ යන බව ඔහු පවසයි .මේ තත්ත්වය යටතේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන මීළඟ ජනාධිපතිවරණයේ දී 1982 වාමාංශික නායකයන් සිදුකළ වරද නැවත සිදු නොකරමින් ,දක්ෂිණාංශික පාලකයකුට රටේ බලය නැවත අත්පත් කරගැනීමට ඉඩ සැලසෙන පරිදි කටයුතු නොකරන ලෙස මාලිමාව ප්‍රමුඛ සියලු වාමාංශික හා ප්‍රගතිශීලී නායකයන්ට අනතුරු අඟවමු. එබැවින් ජාතික බලවේගයන්ද ආකර්ෂණය කරගත්, දෙමළ මුස්ලිම් ජනතාවද ආකර්ෂණය කරගත් ,වමට බරවූ අපේක්ෂකයකු ,පොදු වැඩපිළිවෙළක් උඩ දක්ෂිණාංශික අපේක්ෂකයාට විරුද්ධව තරඟයට දැමිය යුතු බව අපි යෝජනා කරමු....
ප්‍රජාතන්ත්‍රවාදී පොදු ජන ව්‍යාපාරය ...
තවත් පුවත් :
- පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අත්සන් එක්සිය දහතුනක් රැගෙන එන්න.
- ජූලි 09 දෙරණට කඩා පැන්න අරගල නායකයා දිලිත්ගේ වේදිකාවේ.
0 Comments