මාස කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිවී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (5) පෙරවරු 8.16ට එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහත්වරු ගුවන්යානයටම ගොස් බැසිල් රාජපක්ෂ මහතා පිළිගත්හ.
අනතුරුව රාජ්‍ය ඇමති ඩී.වී චානක හා මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා සහ ප්‍රසන්න රණතුංග මහත්වරු කෙටි වේලාවක් සුහද සාකච්ඡාවක නිරත වූහ .
නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණි ගුණවර්ධන, මහාචාර්ය රංජිත් බණ්ඩාර, සහන් ප්‍රදීප් විතාන, ජයන්ත කැටගොඩ, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු, තිස්සකුට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන් 25ට ආසන් පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයට පැමිණ සිටියහ.
තවත් පුවත් :
- 17 පෙම්වතියයි, 30 පෙම්වතයි දෙන්නාම රහසේ කරගෙන ගිය වැඩ ඔක්කොම එළියට..
- දේශබන්දු පොලිස්පති කරන්න කථානායක ව්‍යවස්ථාව කඩයි!
0 Comments