දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා හැටියට පත්කිරීම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් පමණක් නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත් ,එය ලංකාවේ නීතිය ,නීතියේ පාලනය හා මානව අයිතිවාසිකම් මෙන්ම අධිකරණයට දක්වන ගෞරවය පැත්තෙන් ද භයානක පූර්වාදර්ශයක් බව නීතිඥ කේ ඩබ් ජනරංජනමහතා අනිද්දා පුවත්පතේ ලිපියක් පළකරමින් සඳහන් කරයි.
ඔහු එහි වැඩිදුරටත් විමසා තිබුණේ නීතිය ඉදිරියේ වරදකරුවන් බවට පත්වූ මෙවැනි නුසුදුසු පුද්ගලයන් රජයේ උසස් තනතුරු වලට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා කඩකරමින් පත්කර ගන්නේ ඇයිද?කියාය .ඒ නිළධාරියා තමාට හොඳින්ම අවනත වන බව ජනාධිපති දන්නා නිසාත්,තමන් කියන ඕනෑම වැඩක් කිරීමට සැදී පැහැදී ඉන්නාබව දන්නා නිසාත්,ඉදිරියේදී වික්‍රමසිංහ පාලනයට එදිරිව එන මහජන විරෝධය මැඩපැවැත්වීම අවශ්‍ය නිසාත් ජනාධිපති ඔහු නිර්දේශ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති වන කථානායකත් ආණ්ඩුවට හිතවත් අගමැති ප්‍රමුඛ සාමාජිකයනුත් අමු අමුවේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පොලිස්පති ධුරයට දේශබන්දු තෙන්නකෝන් පත්කර ඇති බව ඔහු පවසා තිබුණි .
තවත් පුවත් :
0 Comments