පියා ජනපති වෙද්දී, දියණිය "ජනාධිපති ආර්යාව" වෙයි...


පකිස්ථාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිවෙද්දී, පකිස්ථාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ හැඳින්වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අසීෆ් අලී සර්දාරි යනු ඝාතනයට ලක් වුණු පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ සැමියායි.

අසීෆ් අලී සර්දාරිට එක් දියණියක සහ පුතෙකු සිටිනවා.

සාමාන්‍යයෙන් රටක ‘ජනාධිපති ආර්යාව’ යන ධුරය පිරිනැමෙන්නේ, ජනාධිපති ධුරයට පත් වන පුද්ගලයාගේ බිරිඳට වුවත්, සර්දාරි වැන්දඹුවකු බැවින්, ‘ජනාධිපති ආර්යාව’ ධුරය දියණියට පිරිනැමීමට සර්දාරි තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පකිස්ථාන ‘ජනාධිපති ආර්යාව’ ලෙස දියණියක පත් වූ පළමු අවස්ථාව මෙය වන අතර, ඇයට පකිස්ථාන ජනාධිපති ආර්යාවට හිමිවන සියලු වරප්‍රසාද හිමිවන බවයි වාර්තා වෙන්නේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments