පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව දැනට පවතින නීතිය වෙනස් කිරීමට අධිකරණය,බන්ධනාගාර කටයුතු ,හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේ්දාස රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමතිය ලැබී ඇති බව වාර්ථාවේ.
මෙසේ පවතින මහ මැතිවරණ නීතිය හදිසියේ වෙනස් කිරීමට රනිල් ප්‍රමුඛ ආණ්ඩුව සැරසෙන්නේ පළාත් සභා කල්දැමූ ආකාරයටම ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයද කල්දමා ගැනීමට බව දේශපාලන විචාරකයන් පවසයි .
පළාත් සභා කල්දමා දැනට වසර පහකට වැඩිය.පළාත් සභා නීතිය වෙනස් කිරීමට ගෙන ආ සංශෝධනය අදටද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නොහැකි වී ඇත . ඒ හේතුවෙන් පළාත් සභා කල්ගොස් ඇත .ඒ ආකාරයටම මහ මැතිවරණයද කල්දමා ගැනීම ආණ්ඩුවේ උපාය බව නීරීක්ෂකයින්ගේ මතය වී තිබේ .
මෙසේ ජනාධිපතිවරණය කලින් තබා එය කෙසේ හෝ ජයගෙන ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල්දැමීම ආණ්ඩුවේ උපාය වී ඇති බව එක් වාමාංශික නායකයෙකු Lankalnews වෙත පැවසීය .ජනාධිපතිවරණය සඳහා ධනපති පංතියෙන් එක් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට සැක නැත.අවසානයේ රනිල් ,සජිත් පොහොට්ටු ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුව එක් අපේක්ෂකයකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි දැනට ලැබෙන දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසේ.
තවත් පුවත් :
- කෝප් කමිටුව ජෝක් වෙයි! මන්ත්‍රීවරු 8 ක් ඉල්ලා අස්වෙයි...
- පාලම් 162ක් ලබන අගෝස්තු මාසයට පෙර ජනතා අයිතියට .
0 Comments