ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලියූ බව කියන පොත පිළිබදව තමාට ලද තොරතුරු අනුව එම පොත ලියූවාට වඩා නොලිව්වානම් හොද යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උත්තර සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා ඊයේ (07) නවගමුව දී පැවසීය.
එම පොත තමාට කියවීමට තවමත් අවස්ථාවක් නොලද බවත් එම පොත කියවූ තමන්ගේ හිතවත් පුද්ගලයින්ගෙන් ලද තොරතුරු අනුව එම තොරතුරු නිවරැදි නම් විදෙස් බලවේග පිලිබදව පොදු අර්ථයෙන් දක්වා ඵලක් නොවන බවද ඒ මහතා පැවසීය.
එලෙස කරුණු හෙළි කරන්නේ නම් එම කුමන්ත්‍රණය සිදු කලේ කවුද මොන රටවල් ද මොන විදියට ද කුමන්ත්‍රණය සිදු කලේ කියල කෙලින් කියන්න ඕනේ . නමුත් පොත කියවපු අය කීවේ ඒ කරුණ විදෙස් බලවේග යනුවෙන් මිස නිශ්චිතවම නම් කර නැති බවයි. මා පොත කියවූ පසු ඒ පිළිබදව හරියටම කියන්න පුළුවන් යැයි ද පැවසීය.
තවත් පුවත් :
- සංචාරක වීසා ඇතිව වෙළඳාම් කරන රුසියානුවන් ගැන තදින් ක්රියා කරන්නැයි කම්කරු ඇමති මනූෂගෙන් උපදෙස්.
- රෝහිත කෝප් සභාපති පුටුවට.
0 Comments