ස්කොට්ලන්ත ජාතිකයාට පහරදුන් බව කියන සිද්ධියෙන් මාලක සිල්වා නිදහස්.


රාත්‍රී සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයෙකුට හා ඔහුගේ බිරිඳට පහරදී තුවාල සිදු කළේ යැයි කියන හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අදාළ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නියෝග කළේය.

පැමිණිල්ලේ පළමු සාක්ෂිකාර විදේශිකයා නඩු විභාගය සඳහා දිගින් දිගටම අධිකරණයේ පෙනී නොසිටීම හා විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව නිදහස් කිරීමේ නියෝගය නිකුත් කළේය.

2014 වසරේ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ කිසිම තැකීමක් හෝ අධිකරණයට ගරු කිරීමක් නොමැති බවත්,නඩුවේ සැකකරුවන් හය දෙනෙකු නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නිදහස් කර ඇති බවත්,මෙම නඩුව ගොනු කර ඇති පරමාර්ථය එයින් හැඟී යන බවත් විත්තිය වෙනුවෙන්  ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් පැවසීය.

පළමු සාක්ෂිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අවසන් වරට දින ලබාදී නොපැමිණි බැවින් තම සේවා දායකයා චෝදනාවලින් නිදහස් කරන ලෙසද ගුණරත්න මහතා ඉල්ලා සිටියේය.

අගතියට පත් පාර්ෂවය වෙනුවෙන් පෙනී සිටි සමීන්ද්‍ර රෝද්‍රිගූ මහතා කරුණු දක්වමින් කියා සිටියේ විදේශිකයාට අදාළ සිතාසිය යවා පණිවුඩය ලබාදීමට තමන්ට නොහැකි වූ බැවින් තවත් දිනයක් ලබා දෙන ලෙසය.

සාක්ෂිකරු වසර ගණනක් අධිකරණයට නොපැමිණ ඇති බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

2014 ඔක්තෝබර් 31 වෙනි දින බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකදී නීති විරෝධී කල්ලියක සාමාජිකයින් වී ස්කොට්ලන්ත ජාතික ජෙම්ස් ප්‍රැන්සිස් කැසල්ලි සහ බිලින්දා මැකන්සි යන අයට පහරදී තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ මෙම පැමිණිල්ල ට අදාළ චෝදනා 2022 ජනවාරි මස අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අපරාධ නඩු විධාන සංග්‍රහ ඒකසිය අසූඅට දෙක වගන්තී ප්‍රකාරව චූදිත නිදහස් කරන බව නියෝග කළේය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments