ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පන්නා දැමීම නොවන බව එහි විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ජාතික ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පන්නා දමන බවට ප්‍රකාශ කරන්නේ නම් විපක්ෂයේම සමහර දේශපාලන කණ්ඩායම් කැමැත්තෙන් පසුවන බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවට ජනාධිපතිවරයා විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ආරාධනා කළ නමුත්, එසේ ආරාධනා කිරීමට රනිල් වික්‍රමසිංහ එහි දේශීය නියෝජිතයා නොවන බවත්, ජනාධිපතිවරයා විසින් කපුකම් කර පවත්වන සාකච්ඡාවලට සහභාගීවීමට තමන් සූදානම් නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.
තවත් පුවත් :
- විපක්ෂයේ අයට ජනපති ආරාධනා කළ සාකච්ඡාවට IMF එකටවත් ආරාධනා කරලා නැහැ.
- IMF සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක්.
1 Comments
Mokkakda ohelage prathipaththiya. Eke kauvruth danne naha 😅
ReplyDelete