මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයේ වඩාත්ම කතාබහට ලක්වුණ කණ්ඩායම බවට පත්ව සිටින්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.
ඒ නායකත්ව අර්බුදය හේතුවෙන් හට ගත් ප්‍රශ්න නිසාවෙනි.
කෙසේ නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන අන්දමට හිටපු නායක රෝහිත් ශර්මා මෙවර තරගාවලියේදී මුම්බායි කණ්ඩායමේ සිදුවූ දේවල් සම්බන්ධයෙන් අසතුටට පත්ව සිටින බවට සඳහන් කර තිබෙනවා.
මේ අතරම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර තරගාවලියෙන් අනතුරුව රෝහිත් ශර්මා මුම්බායි ඉන්දියන්ස් අතැර යාමට සූදානම්ව සිටින බවටයි.
2024 IPL තරඟාවලියේදී Hardik Pandya මුම්බායි කණ්ඩායමේ කණ්ඩායමට නායකත්වය දෙන ආකාරය පිළිබඳව IPL ශූරතා 5ක් දිනා දුන් රෝහිත් ශර්මා කලකිරීමට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
2025 ඉන්දීය ප්‍රිමිය ලීගයේදී රෝහිත් විවෘත වෙන්දේසියට ඉදිරිපත්වනු ඇති බවට කටකතා පැතිර යනවා.
මුම්බායි ඉන්දියන් කණ්ඩායම මෙවර ගත කරන්නේ සිය දුෂ්කරම කාලවකවානුවයි.
තවත් පුවත් :
0 Comments