ණය බරින් මිරිකී සිටින සිම්බාබ්වේ හා ලංකාවේ තත්ත්වය !!

 


ලෝකයේ ණය බරින් මිරිකී සිටින ප්‍රධාන  රටවල් අතර ලංකාව හා සිම්බාබ්වේ ඉදිරියෙන්ම සිටී. ලංකාවේ මේ ණය බරට හා රටේ බංකොළොත්භාවයට ප්‍රධාන හේතුව දූෂිත ආණ්ඩුකරණය හා දූෂණය බව මුඵ ලෝකයම දනී.

මේ අතර සිම්බාබ්වේ රජය චීනයෙන් ලබාගත් පොළී රහිත ණය වලින් කොටසක් කපා හරින බවට චීනය නිවේදනය කර ඇත .ඒ සිම්බාබ්වේ පාලකයන් චීනය සමඟ කළ ද්විපාර්ශවීය සාකච්ඡා වල ප්‍රතිඵලයය.එසේ ණය කපා හැරීමක් සිදුකර ඇත්තේ අප්‍රිකාවේ භූ දේශපාලනික වාසිය චීනය වෙත ලබා ගැනීම සඳහා බවට බටහිර ,ඇමරිකානු ආර්ථික විශ්ලේෂකයන් චෝදනා කළත්,චීනය පවසන්නේ අප්‍රිකාවේ ස්වදේශීය කටයුතු වලට තමන් ඇඟිලි නොගසන බවයි.

එහෙත් අවුරුදු දෙකක් ගතවීත් ලංකාවේ පාලකයන්ට විදේශ ණය හිමියන් සමඟ එකඟතාවයකට පැමිණීමට තවමත් නොහැකි වී ඇත .

ස්වෛරී බැඳුම්කර හා ද්විපාර්ශවීය ණය මුදල් එක්ව ගත් කළ ගෙවීමට ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 51කට අධිකය.

ශ්‍රී ලංකාව  IMF සමඟ ගිවිසුමකට එළඹුනේ ගෙවීමට ඇති මේ ණය උගුලෙන් යම් ඉස්පාසුවක් ලබා ගැනීම සඳහාය.

එහෙත් ජනාධිපති උපදේශක සා ගල රත්නායක පවසන්නේ ණය හිමියන් ණය කපා හැරීමට සූදානම් නැති බවය.මෙවැනි තත්ත්වයක් තුලත් ආණ්ඩුවට වගේ වගක් නැත . ඒ සඳහා කිසිදු පියවරක් ගන්නා පාටක්වත් නැත.

ජනාධිපති පවසන්නේ 2028 කෙසේ හෝ ණය ගෙවීම ආරම්භ කරන බවය.එය යථාර්ථයක් නොවන බව ජනතාව දැන සිටිය යුතුය .අවසානයේ දැන් ගෙවීම නවතා දමා ඇති මේ මහා ණය කන්ද ගෙවීමට සිදු වන්නේ මහ ජනතාවටමය.ඔවුන්ගේ අනාගත දරුවන්ට ය.

ආණ්ඩුව සැරසෙන්නේ මේ ණය කන්ද ගෙවීමට තවත් ණය ගැනීමට බව ජනතාව දැන සිටිය යුතුය . නැවතත් ස්වෙරී බැඳුම්කර ඔස්සේ ණය ලබාගෙන එම ණය පියවීමටය. රටත් ජනතාවත් ණය චක්‍රයට නැවත ගැට ගැසීමටය. IMF මාවත එයය.

...........විමර්ශක .........

තවත් පුවත් : 

Post a Comment

0 Comments