අපරාජිත අයෝමය ‍රූමතියගෙන් තවත් විජයග්‍රහණයක්.


ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම ජාතික කායවර්ධන තරඟාවලිය වන Mr. Sri Lanka තරඟාවලිය මීට මොහොතකට පෙර, එනම් 2024 අප්‍රේල් 05 වැනි දා පැවැත්වූ අතර, එහි පැවති එකම කාන්තා තරඟ ඉසව්ව වන Fit Model තරඟයේ ජය, තරඟකාරියන් සියල්ල අභිබවමින්, විසි දෙවන වියේ පසුවන කේෂනි පෙරේරා සමත්විය. 

කොළඹ, මෝදර දෙදරු පවුලක බඩපිස්සා ලෙස, 2002 වසරේ අප්‍රේල් මස 06 වැනිදා කේෂනී උපත ලැබූ අතර ඇයගේ පියා වන  අජිත් පෙරේරා මහතා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරන අතර මව වන හිමාලි නිරෝෂනී මහත්මිය ගෘහණියකි. කේෂනීට වඩා අවුරුදු 10කින් වැඩිමල්, ඇගේ එකම සොයුරිය වන ප්‍රසංගි පෙරේරා මහත්මියද විවාහ වී ගෘහණියක් ලෙස කටයුතු කරයි. කේෂනී සිප්සතර හැදෑරූවේ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ වේ (Good Shepherd Convent). කුඩා කල සිටම ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවට ද එකලෙස දස්කම් පෑ කේෂනී, පාසල් සමයේදී විවිධ මලල ක්‍රීඩා ඉසව් කිහිපයක ජයග්‍රහණය ලබාගත් අතර කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් ජාතික මට්ටමේ ජයග්‍රහණද හිමිකරගෙන ඇත. 2021 වසරේදී, "C" සමාර්ථ දෙකක් හා "S" සමාර්ථයක් සහිතව උසස්පෙල වානිජ අංශයෙන් සමත්විය. උසස් පෙලෙන් පසුව, පෞද්ගලික මූල්‍ය ආයතනයක, තැන්පතු අංශයේ රැකියාවක, මෑතක් වනතුරුම නිරත වී ඇත. 

සිය කායවර්ධන දිවිය ආරම්භ කල මොහොතේ සිට මේ දක්වා වූ ගමන් මග ඇගේ වචන වලින් පැහැදිලි කලේ මෙසේය. 

මම පාසලේ 8 වසරේ ඉන්නකොට, මලලක්‍රීඩා වල නිරත වූ නිසා, ඊට අවශ්‍ය ශරීර යෝග්‍යතාව සඳහා මුලින්ම gym එකකට ගියා. මම සාමාන්‍යපෙල හදාරන අවදියේදී, මගේ බර කිලෝ 75ක් උනා. මේ කාලයේදී බර අඩු කරගන්න gym එකකට ගියා. මේ වෙලාවෙදී, මට ආසවක් ඇති උනා, muscles වර්ධනය කර ගන්න. මීට වසරකට පෙර, Iron Hide gym එකේ පුහුණුකරු, මාලිංග පෙරේරා මට හමුඋනා.  ඔහු මගේ පුහුණුකරු ලෙස ජීවිතයට එකතු උනත්, අපේ තිබෙන ගතිගුණ අදහස් ගැලපීම නිසා, අපි අතට ආදර සම්බන්ධතාවක් ඇති වී, ගෙවල් දෙකේම ආශිර්වාදය ඇතිව, මගේ අනාගත ජීවන සහකරුවා ලෙස ඔහුව තෝරගත්තා. අපේ සම්බන්ධතාවයට ටික කලක් උනාට, අපි අතර හොඳ අවබෝධයක් තියෙනවා. එයා තමයි, මට schedules හදලදීලා, මගේ දුර්වල තැන් පෙන්වල දීලා, workouts වලින් ඇඟ කපලා කොටලා, මේ තත්වෙට එන්න උදව් කලේ. මට මේව කරන්න යන සියලු වියදම් දෙන්නෙත් එයා. කොහොම හරි එයාගේ මගපෙන්වීම, දිරිගැන්වීම හා සහයෝගය ඇතිව, 2023 ජුනි මස පැවැත්වූ ජාතික ආධුනික කායවර්ධන ශූරතාවලියේ, එකම කාන්තස් ඉසව්ව වන Ms Novice තරඟයේ පලමු ස්ථානය දිනා ගත්තා. ඊට පස්සෙ 2024 මාර්තු මස පැවති Colombo Fitness Festival තරඟාවලියේ, women physique අංශයේද පලමු ස්ථානය දිනා ගත්තා. මම සහභාගි වූ තෙවන තරඟය වූ Mr. Sri Lanka තරඟාවලියේ, Fit Model ඉසව්වේද ජයග්‍රහණය දිනාගත්තා.

සිය ගමන්මග මෙලෙස පැහැදිලි කල කේෂනී සිය ගමනට උදව් කල අය මෙනෙහි කිරීමටද අමතක කලේ නැත. සිය පුහුණුකරු හා ප්‍රධාන අනුග්‍රහකයා මෙන්ම සිය අනාගත සහකරුවා වන මාලිංග පෙරේරාත්, ඇයගේ දෙමව්පිය දෙපලත්, සොයුරිය හා යහලුවනුත්, ඒ වගේම තමාට අවශ්‍ය කෑම සකසා දෙන, ඇගේ දෙවන මව වන මාලිංගගේ මවත් ආදරයෙන් මතක් කලා. 

අවසාන වශයෙන් කේෂනී සිය ක්‍රීඩා බලාපොරොත්තු පැවසූවේ මෙලෙසය. මට හැකියාව ඇතිතාක් ක්‍රීඩාවේ නිරත වෙන්නත්, මගේ සහකරුවා සමග එකතු වී, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව ජාතික තලයට රැගෙන ඒමටත් අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. 2024 ආසියානු ශූරතාවලියට සහභාගි වී ජයග්‍රහණයක් ලබන්නත්, 2025 ලෝක ශූරතාවලයට සහභාගි වී  පලමු ශ්‍රී ලාංකික කාන්තා ජයග්‍රහණය වාර්තා කරන්නත් මට ලොකු හීනයක් තියෙනවා, මාලිංගගෙ සහයෝගයත්, මගේ උනන්දුවත් අනුව ඒ සිහින, යථාර්ථයක් වීම තීරණය වෙයි.

- යෙනුක සිසිල්චන්ද්‍ර

#1. 


#2. 

#3. 

#4. 

#5. 

#6. 

#7. 

#8. 

#9. 


තවත් පුවත් : 


Post a Comment

2 Comments