තවත් යුද්ධයක් එපා: ජගත් මහ ලේකම් කියයි.


මැද පෙරදිග කලාපයට හෝ ලෝකයට තවත් යුද්ධයක් දරා ගත නොහැකි බවත්, එම නිසා ඉරානයත් ඊශ්‍රායලයත්, අඩියක් ආපස්සට තැබිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමේදී අවධාරණය කළේය.

ඉරානය සහ ඊශ්‍රාලය මින් ඉදිරියට යුද්ධයක් ඇතිවිය හැකි කිසිදු පියවරක් නොගත යුතු බවද මහ ලේකම්වරයා ආරක්ෂක කවුන්සියල අමතමින් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

ඊශ්‍රායලයේ ඉල්ලීම පරිදි ආරක්ෂක කවුන්සිලය රැස්වූ අතර ඉරානය එල්ල කළ ප්‍රහාරය හෙළා දකින ලෙසත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඊශ්‍රායලය එහිදී ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලීමක් කළේය.

රැස්වීමේදී ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය පමණක් නොව, ඊශ්‍රායලය ඩමැස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කර ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හෙලා දුටුවේය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments