24 ක්‍රිකට් ප්‍රවීණයන්ගේ හොඳම කණ්ඩායම් අතර නැති ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඇසෙන අලුත්ම පුවත මෙන්න.

ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් අමෙරිකව බලා පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතරම කුසල් මෙන්ඩිස්,අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ , නුවන් තුෂාර ශ්‍රී ලංකා කණ්ඩායම හා අද දිනයේදී එකතු වීමට නියමිත බවටයි ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

මේ අතරම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන ප්‍රථම පුහුණු තරගය මැයි 28 නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන අතර දෙවැනි පුහුණු තරගය මැයි 31 අයර්ලන්තයට එරහිව  පැවැත්වීමට නියමිතයි.

මේ වනවිටත් ශ්‍රී ලංකා කණ්ඩායම උතුරු කැරොලිනා හී පුහුණු වීම් කටයුතුවල යෙදී සිටින බවටයි වාර්තා වෙන්නේ.

ක්‍රිකට් ප්‍රවීණයන්ගේ හොඳම කණ්ඩායම් අතර ශ්‍රී ලංකා කණ්ඩායම නොමැති වුණත් එම හේතුවම ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයකින් තොරවම මෙම තරගාවලියේ ඉදිරියට යාමට හැකි වනු ඇති බවට බොහෝ දෙනෙකු අදහස් පළ කර තිබෙනවා.

තවත් පුවත් : 


Post a Comment

0 Comments