ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව පිළිතුරු සොයන බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා පැවැසුවේය.
මෙරට සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ගත වීම නිමිත්තෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.
තමන් 2013 වසරේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට ගිය අවස්ථාවේ යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාක පිළිබඳ අසා දැනගත් බවත් එහිදී යුද්ධයෙන් පීඩා විඳි සියලු දෙනාටම යුක්තිය, සත්‍ය සහ වගවීම වෙනුවෙන් එක්සත් රාජධානියේ සහාය ලබාදීමට කැපවන බව ප්‍රකාශ කළ බවත් ඩේවිඩ් කැමරන් මහතා පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රයත්නයන් සඳහා එක්සත් රාජධානිය අඛණ්ඩව නායකත්වය ලබාදෙන බවද ඩේවිඩ් කැමරන් මහතා ප්‍රකාශ කළේය.
තවත් පුවත් :
- විශ්ව ප්‍රනාන්දු එංගලන්ත YORKSHIRE ප්‍රාන්ත කණ්ඩායම සමඟින් එක්වෙයි !
- පාණ්ඩ්‍යාට ලබන වසරේ පළමු අයිපීඑල් තරඟය තහනම්.
0 Comments