"පිට ඉඳන් ඕනිම කෙනෙක්ට ඕනිම දෙයක් කියන්න පුළුවන්." හිටපු ක්‍රීඩා ඇමතිවරයාගේ චෝදනාවට 20-20 නායක වනිඳුගෙන් සැර උත්තරයක්.


 විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන්ම ඉවත් වී පැමිණියා.

මෙම පරාජයන් සම්බන්ධව 20-20 නායක වනිඳු හසරංග අදහස් පළ කළා.

මේ අතරම මාධ්‍යවේදියකු විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කළ චෝදනාවක් සම්බන්ධව ප්‍රශ්න කළා.

ඒ ක්‍රීඩකයින් නිසි වෙලාවට පුහුණුවීම්වලට නොපැමිණීම සහ මෙවන් ඉරණමක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වේවි යන අනාවැකියද ඔහු කර තිබුණු බවටත් ඒ සම්බන්ධව වනිඳුගේ අදහස් විමසුවා.

මෙතෙක් කාලයකට මම හිතන්නේ නැහැ එයා අපිත් එක්ක කණ්ඩායමත් එක්ක ඉන්න හොටෙල් එකේ ඉඳලා තියෙනවා කියලා.

ඉතින් මට එහෙම පිටතින් කවුරුත් ඇවිල්ලා අපේ ඩිසිප්ලින් හරි මොනවා හරි දෙයක් නැහැ කියන එක මම හිතන්නේ ඒක සුදුසු නැහැ තරඟයක් පරාජය වුණාම.

අපි ඔය එයා කියනවා වගේ අපි රෑ එළියට ගිහිල්ල වත් ඒවා නිසා අපි තරග පරාජය වුණේ නැහැ.පිට ඉඳන් ඕනිම කෙනෙක්ට ඕනිම දෙයක් කියන්න පුළුවන්.

පිටින් ඉඳන් එයාට ඕන දෙයක් කියන්න පුළුවන්. ඉතින්. ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් වුණේ නැහැ. 

තවත් පුවත් : 



Post a Comment

0 Comments