ලෝක කුසලානයක පළමුවරට දකුණු අප්‍රිකාව අවසන් වටයට...


ලෝක කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පලමු තරගය වන දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේදී ජයග්‍රහණය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. 

ඒ කඩුලු 09කින්.

පලමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 56ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60 ක් ලබා ගනිමින් තරගය පහසුවෙන් ජයග්‍රහණය කළා.

ඒ අනුව දකුණු අප්‍රිකාව අද (27) සවස පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග 29 වැනිදා අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments