ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඉනෝෂිට හිමි වුණ අලුත් තැන.


බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ 3වන තරගයෙන් කඩුළු 6ක ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 141ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 19යි පන්දුවක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

එහිදී Hayley Matthews ලකුණු 49ක් ද, Shemaine Campbelle නොදැවී ලකුණු 41ක්ද රැස් කළ අතර සිය කණ්ඩායම වෙනුවෙන් Stafanie Taylor ලකුණු 33ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Kawya Kavindi කඩුළු 2ක් දවා ගත් අතර Kavisha Dilhari සහ Sugandika Kumari එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

මේ අතරම ඉනෝෂි ප්‍රියදර්ශනී 20-20 ශ්‍රේණිගත කිරීම් හී 11 වැනි තැන දක්වා ඉහලට පැමිණ තිබෙනවා.

ඒ මෙම තරගාවලියේදී දැක් වූ දක්ෂකම්වලින් අනතුරුවයි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments