කොදෙව්වන්ට සුපිරි ජයක්.

 


ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ අමෙරිකාව සමඟ පැවැති තරගය කඩුලු 09කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු ලකුණු 128ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් පන්දුවාර 10.5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා.

‌තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දුන් අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 19.5ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 128ක්. ‍

එහි දී ඇන්ඩ්‍රි ගෝස් ලකුණු 29ක් සහ නිතිෂ් කුමාර් ලකුණු 20ක් ලබාගත්තා පන්දු යැවීමේ දී ඇන්ඩ්‍රි රසල් සහ රොස්ටන් චේස් කඩුලු තුන බැගින් දවා ගැනීමටයි සමත් වුණේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 10.5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා.

එහි දී ශායි හෝප් ලකුණු 82ක් රැස්කළේ, හයේ පහරවල් 08ක් සහ හතරේ පහරවල් 04ක් සමඟින්. පන්දු යැවීමේ දී හර්මීට් සිං එක් කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ වීරයා ලෙස සම්මානය දිනා ගත්තේ ලකුණු 19කට කඩුලු 03ක් දවාගත් රොස්ටන් චේස්.

තවත් පුවත් : 

Post a Comment

0 Comments