ක්‍රිකට් පරිපාලනයට එන්න දත කන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් ආදර්ශයක් වෙමින් කුමාර් සංගක්කාර විදෙස් මාධ්‍යයකට කියපු කතාව.


කුමාර් සංගක්කාර කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරිතම සහ විශිෂ්ඨ ගනයේ ක්‍රීඩකයෙක්.

රටවල් රාශියකින් ගෞරව පවා හිමිවුණ සංගක්කාර පසුගියදා එංගලන්ත රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වුණා.

එයට සම්බන්ධ වුණ සංගක්කාරගෙන් නිවේදකයා අහපු ප්‍රශ්නයකට ලබා දුන් උත්තරය තමයි මේ.

" මම අනාගතයේ වගා කරනවා.මම ක්‍රිකට් ගහපු නිසා මම ආයෙත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න ඕනි කියලා දෙයක් නැහැ.

සමහරු හිතනවා තරගයක් බලලා අපි ට්වීට් කරන්න ඕනි, අපේ මතය ඉදිරිපත් කරන්න ඕනි කියලා,එහෙම දෙයක් නැහැ.අපේ මතය දැන් අදාල නොවෙන්න පුළුවන්.

මම හිතන්නේ අපි ක්‍රීඩාවෙන් සමුගත්තා නම් ආයෙත් සම්බන්ධ නොවී හිටියාම ඇති "

තවත් පුවත් : 


Post a Comment

0 Comments