ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග එන්න එන්නම පහතට වැටෙයි.


මෙවර 20-20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත් වී මව් රටට පැමිණීමට සිදුවුණා.

මේ නිසාම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන මේ දිනවල දැඩි සංවාදයක් ඇතිව තිබෙනවා.

මේ අතරම ශ්‍රී ලංකා කණ්ඩායමේ 20-20 නායක වනිඳු හසරංග 20-20 ශ්‍රේණිගත කිරීම් හී පහතට පැමිණ තිබෙනවා.

20-20  තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණේ සිටි වනිඳු හසරංග දෙවැනි තැනට ඇද වැටී තිබෙනවා.

එහි පළමු තැන රැඳී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ මාර්කස් ස්ටෝනිස්.

මෙම ශ්‍රේණිගත කිරීම් හී තෙවැනි තැන බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් රැඳී සිටිනවා.

මේ අතරම 20-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හී තෙවැනි තැන දක්වා පසුබැසීමට වනිඳුට සිදුව තිබෙනවා.


තවත් පුවත් : 

Post a Comment

0 Comments