දෙවැනි විස්සයි 20 තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක්?


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය අද (28) පැවැත්වීමට නියමිතයි. 

තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 7.00 ට අරම්භ වීමට නියමිතයි. 

තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකාව පරදවා ලකුණු 43ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.  මේවන විට තරග 1-0 ක්  ලෙස තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා. 

මේ අතර, අද තරගය වෙනුවෙන් බොහෝ විට තවත් දගපන්දු යවන්නෙක් එක් කරගැනීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත අසලංක සදහන් කළා. 

පළමු තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා. 

"මම තාම දන්නේ නෑ හෙට (ඉරිදා) ක්‍රීඩා කරන තණතීරුව මොකක්ද කියලා. ඒ තණතීරුව අනුව ගොඩක් වෙලාවට දාග පන්දු යවන්නෙක්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව තියෙනවා " යනුවෙන් චරිත අසලංකා පවසා සිටියා. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments