ජනතාව අතර වෛරස උණ රෝගයක් පැතිරයමින් ඇතිබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජී.විජේසූරිය මහතා ප්‍රකාශ කරනවා.
උණ,වමනය හා සෙම්ප්‍රතිශ්‍යාව එහි රෝග ලක්ෂණ බවයි පැවසෙන්නේ.
බොහෝ විට ස්වසනය හා ස්පර්ශය මගින් මෙම වෛරසය බෝවීම සිදුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
මෙම තත්වය තුළ යළි මුඛ ආවරණ පැළඳීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
දින දෙකකට වඩා උණ පවතින්නේනම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකල යුතුව තිබේ.
මේ පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
තවත් පුවත් :
0 Comments