අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී අද රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන ධම්මික නිරෝෂණ ජිවිතක්ෂයට පත් වුණා.
ඔහු සිය නිවසේ සිටිනා විට දී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙසේ වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නැහැ.
මිය ගිය පුද්ගලයා පාතාල කණ්ඩායම් සාමාජික දැනට ඩුබායි රටට පලාගොස් සැහවී සිටින දසුන් මානවඩුගේ ගෝලකු බවද වාර්තා වෙනවා.
ඔහු ඩුබායි සිට මෑතකදී ලංකාවට පැමිණ සිටියදී මෙලෙස වෙඩි පහාරයට ගොදුරුවී ඇති බව සදහන්.
අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
තවත් පුවත් :
0 Comments