විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලයත් අවසන්: අපේක්ෂකයින් 40ක් ඇප තිබ්බත්, නාමයෝජනා භාරදුන්නේ 39යි.


එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අද පෙ.ව 11න් අවසන් වූ අතර ඊට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබු කාලයද පෙ.ව 11.30ට අවසන් කෙරුණා.

ඒ සඳහා අවස්ථාව ලබා දී තිබුණේ, පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වායි.

කෙසේ වෙතත් එම කාලය තුළදී කිසිඳු විරෝධතාවක් නොලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඉදිරිපත් වීමට නියමිතව තිබු අතර නාමයෝජනා භාරදීම සඳහා පැමිණ තිබුණේ අපේක්ෂකයින් 39 දෙනෙකු පමණයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ඇතුළු ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින් අද (15) පෙරවරුවේ නාමයෝජනා පත්‍ර භාරදුන්නා.

ඒ අතර පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි, පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, සරත් ෆොන්සේකා, ඒ.එස්.පී ලියනගේ, දිලීත් ජයවීර, නුවන් බෝපගේ, ජනක රත්නායක, අනෝජ් ද සිල්වා යන අයද වනවා.

තවත් පුවත් : 


Post a Comment

0 Comments