රටම ආදරය කරන අපේ චමරි ගැන සුබ ආරංචියක්.


 චමරි අතපත්තු කියන්නේ රටම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩිකාවක්...

මේ කියන්න යන්න ඇය ගැන ඇහෙන තවත් සුබ ආරංචියක් ගැනයි...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2024 ජුලි මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව වීමට සමත්ව තිබෙනවා.

ඒ සමග නිර්දේශ වූ ඉන්දියාවේ ආරම්භක පිතිකරුවන් වන Smriti Mandhana සහ Shafali Verma අභිබවා යමින්.

මෙය 34 හැවිරිදි ඇයට හිමිවන තුන්වන ICC කාන්තා ක්‍රීඩිකාව සම්මානය වන අතර, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා හේලි මැතිව්ස්ද ICC කාන්තා ක්‍රීඩිකාව සම්මානය තුන්වරක් හිමිකරගෙන තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ, "මාසයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තෙවැනි වරටත් තේරී පත්වීම ගැන මම සතුටු වන අතර ගෞරවයට පාත්‍ර වන අතර, මගේ කණ්ඩායමේ සගයන්ගේ සහ පුහුණුකරුවන්ගේ සහායෝගයෙන් ලබා ගත් මගේ උත්සාහය මෙලෙස අඛණ්ඩව ඇගයීමට ලක්වීම සතුටට කරුණක්" යනුවෙන්.

තවත් පුවත් : 

Post a Comment

0 Comments