ජනාධිපතිවරණය සඳහා කෙතරම් තරග කිරීමට අපේක්ෂකයන් ඉදිරිපත් වුවද වැඩක් කල නායකයෙකුට සිටිනුයේ රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මංත්‍රී වජිර අබේවර්ධන මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.
අනෙකුත් අපේක්ෂකයන් සියලු දෙනාද විවිධ පොරොන්දු ලබා දුන්නද එම පොරොන්දු ප්‍රායෝගිකව ඉටු කිරීමට නොහැකි බවත්, පොරොන්දු ලබාදී ජනතාව මුලා කර ඡන්දය ලබා ගැනීම කිසිසේත් අනුමත කල නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා කල හැකි දේ පමණක් හැම මොහොතකම පවසන බවත්, එය නායකයෙකු සතු උසස් ගුණාංගයක් බවත් පැවසීය.
ජනතාව නිසි තීන්දුව නොගතහොත් ජනාධිපතිවරණයෙන් පසුව කෙටිකලකින් යලි සිවිල් යුද්ධයක් ඇතිවිය හැකි බව මංත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
තවත් පුවත් :
- බංග්ලාදේශ මාධ්‍යවේදිනියකගේ සිරුර වැවකින් හමුවෙයි.
- ටෙස්ට් තරගය කට උඩ තියලා.. කුසල් මෙන්ඩිස්ට වුණ දෙය.. එකවරම තීරණ 02ක් මෙන්න..
0 Comments