ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 සැප්තැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී ඇත. එය 2024 අගෝස්තු මාසය සඳහා 0.5% ක් ලෙස වාර්තා වී තිබුණි.
2024 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -0.3% දක්වා අඩු වී ඇති අතර 2024 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ 0.8% ක් ලෙසයි.
එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.5% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 අගෝස්තු මාසයේ දී 0.4% ක් ලෙස වාර්තා විය.
තවත් පුවත් :
- අධ්‍යාපනයට වෙන්කරන මුදල ගැන අග්‍රාමාත්‍ය හරිනිගෙන් සහතිකයක්.
- මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට සිට.
0 Comments