ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07) නිල වශයෙන් නිවේදනය කළා.
2024 ඔක්තෝබර් 01 වනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහා ඔහුව පත්කර තිබෙනවා.
සනත්ජයසූරිය ‘අතුරු ප්‍රධාන පුහුණුකරු’ ලෙස කටයුතු කළ ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පසුගියදා පැවැති සංචාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අදාළ තීරණය ගෙන ඇත්තේ.
තවත් පුවත් :
- රනිල්ගේ ආරක්ෂාවට 163ක ආරක්ෂක බලඇණියක්..
- ප්රවීන් ජයවික්රමට වසරක ක්‍රිකට් තහනමක්: දඬුවම මාස හයකට අත්හිටුවයි.
0 Comments