බෙංගාල බොක්ක කැළඹේ.. අද සිට මහ වැසි..

 


දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (13) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

එම වැසි තත්ත්වයන් සවස් කාලයේදී බලාපොරොත්තු විය හැකිය.

සබරගමුව,ඌව ,මධ්‍යම නැගෙනහිර සහ උතුරු මැද පළාත් වල ඇතැම් ස්ථාන වලට 100mm වර්ෂාපතනයන් ඇතිවිය හැකිය.

ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඇති අඩු පීඩන කලාපය ඊට හේතුවී තිබේ.

උතුරු ,උතුරු මැද සහ වයඹ පළාත් වල උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව වැඩිදුරටත් පැවසීය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments