88/89 රාජ්‍ය දේපළ විනාශ කළ පක්ෂයක් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීම ඓතිහාසික විහිළුවක් - පාඨලී


තනි පක්ෂ ක්‍රමයක් ඉදිරියට ගෙන යාමට කරන යටිබිම්ගත දේශපාලනයේ එක් පියවරක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව එක්සත් ජන රජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය පිළිගන්නා සියලු දෙනා මෙයට එරෙහිව එක් විය යුතු බවත්, වහාම එකතු වීමක් සිදු නොවුණහොත් ප්‍රමාද විය හැකි බවත් ඊයේ  (24) විපක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හරහා පෙනෙන්නට තිබෙන්නේ නීතිය කාටත් සමාන තත්ත්වයකට වඩා, සෘජු දේශපාලන පළිගැනීමක ස්වභාවයක් බවද ඔහු ප්‍රකාශ කළා.

1982 වසරේ කොළඹ වරායට පැමිණෙමින් තිබූ ඉරානයේ නෞකා ගිනි තැබූ බවට සහ 1988 හා 1989 කාලයේ පොදු දේපළ විනාශ කළ කණ්ඩායමක්, පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගැනීම තරම් විහිළුවක් මේ රට තුළ නොමැති බවද පාඨලී චම්පික රණවක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Post a Comment

0 Comments