මුගුරක් අතැතිව සිය නිවසේ කළහකාරීව හැසිරෙමින් සිටි පුද්ගලයෙකු ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙල්ලකර ගැනීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ වැරදි අර්ථ නිරූපණක් ලබාදෙන ආකාරයෙන් සංසරණය වෙමින් පවතින ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරනවා.
එම වීඩියෝවේ දිස්වන පොලිස් නිලධාරියා අත තිබෙන මුගුර සැකකරුගෙන් උදුරා ලබාගත් මුගුර ලෙස වාර්තා වූ බව එම නිවේදනයේ සඳහන් වේ.
කළහකාරී හැසිරීම පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංකය (119) ඔස්සේ වාර්තා වීමෙන්ම අනතුරුව පොලිස් නිලධාරීන් වහාම එම නිවසට ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
එහිදී පුද්ගලයා පොලිසි නිලධාරීන් බිම වැතිරීමේදී පොලිස් නිලධාරීන් අවම බලය යොදවා මෙල්ලකරගෙන සන්සුන් කර අවවාද කිරීමට ගත් ප්‍රයන්තය අතරතුර සිදුවූ ඒක් සිදුවීමක් එම වීඩියෝවේ දැක්වෙන බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙම අවස්ථාවේ යම් අනීතික ක්‍රියාවක් පොලිස් නිලධාරීන්ගෙන් සිදුව ඇත්ද යන්න අනාවරණය කරගැනීම සඳහා ඇල්පිටිය කොට්ඨාස භාර නිලධාරීවරයා විමර්ශනයක් සිසිදුකිරීමට නියමිතය.



0 Comments