කඳවුරේ පොකුණක යුද හමුදා සෙබළෙකුගේ මළ සිරුරක්.


යුද හමුදා සෙබළෙකුගේ මළ සිරුරක් හොරණ, දොඹගොඩ යුද හමුදා යුද උපකරණ කඳවුරේ පොකුණක තිබියදී ඊයේ  (29) අලුයම සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, ශාරීරික පුහුණු උපදේශකවරයෙක් ලෙස එම කඳවුරේ සේවය කළ ඇතිලිවැව, තෙලුල්ල ජනපදයේ පදිංචිව සිටි 23 හැවිරිදි වියේ පසුවූ තරිඳු ලක්ෂාන් නැමති සෙබළෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය හොරණ මහෙස්ත්‍රාත්වරයා විසින් ඊයේ (29) සිදුකළේය.

කෙසේවෙතත් මියගිය සෙබළාගේ ඥාතීන් මරණය සම්බන්ධයෙන් සැක පළකරයි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments