හිමියන් ඝාතනයට පැමිණි මෝටර් රථය ගිනිගනී.!

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට වෙඩි තැබීමට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී හමුවූ බව කඩුවෙල පොලිසිය සදහන් කරයි.  නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු ටී පනස්හයේ ගිනි අවියකින් 45 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමට වෙඩි තබා ඝාතනය කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇත.  මෙම මෝටර් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර කිසියම් ප්‍රදේශයකින් සොරාගත් එකක් බවට සැක කරන අතර මෝටර් රථය සවිකර තිබූ ලියාපදිංචි අංකය හිමි මෝටර් රථය පානදුර එළුවිල ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන ඇත.

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට වෙඩි තැබීමට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී හමුවූ බව කඩුවෙල පොලිසිය සදහන් කරයි.

නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු ටී පනස්හයේ ගිනි අවියකින් 45 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමට වෙඩි තබා ඝාතනය කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

මෙම මෝටර් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර කිසියම් ප්‍රදේශයකින් සොරාගත් එකක් බවට සැක කරන අතර මෝටර් රථය සවිකර තිබූ ලියාපදිංචි අංකය හිමි මෝටර් රථය පානදුර එළුවිල ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන ඇත.

තවත් පුවත් : 


Post a Comment

0 Comments