ජනතාව කුපිත වී පොලිසියට පහර දෙති

 


අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය පත් වී ලොරියේ රියැදුරු මිය මියයාම සම්බන්දව ප්‍රදේශවාසීන්  විරෝධය පළකිරීම හේතුවෙනන් කුරුණෑගල නාරම්මල පොලිසිය අසල උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ ලොරි රථය අන නොතකා ධාවනය කළ අවස්ථාවේ දී පසුපස පන්නා ලොරි රථයේ රියැදුරා බිය ගැන්වීමට ගිනි අවිය එල්ල කළ අවස්ථාවේ එය පත්තු වී ඇති බවය.

සිදුවීමෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් පොලිසිය වටකර එහි දේපළට ද හානිකර තිබේ.

මෙම තත්ත්වය පාලනය කිරීමට අතිරේක පොලිස් කණ්ඩායම් සමග පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවීමට කටයුතු කර ඇති බව වාර්තාවේ. 

වෙනත් පුවත් : 


Post a Comment

0 Comments