ආනයනික ඉන්දීය බිත්තරයක මිල හෙට (21) දිනයේ සිට රුපියල් 43ක් දක්වා ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සදහන් කරයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක් රුපියල් 35කට අලෙවි කිරීමට නොහැකි බැවින් සතොස අලෙවිසැල් බිත්තර අලෙවි කිරීම සීමා කර ඇත.
මේ වන විට සතොස අලෙවිසැල්වල බිත්තර හිගයක් මතුව ඇති බැවින් යළිත් වෙළෙඳපොළේ දේශීය බිත්තර මිල ඉහළ ගොස් ඇති අයුරු දක්නට ඇත.
වැට් වැඩිකිරීම හේතුවෙන් ඉන්දියාවෙන් රුපියල් 35කට ආනයන කළ බිත්තරයක රුපියල් 42කට අලෙවි කිරීමට සිදුවන බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සදහන් කරයි.
තවත් පුවත් :
0 Comments