එක් සතිපතා පුවත්පතක කියවෙන පරිදි රනිල් හා මහින්ද ගේ එකතුව හෝ සජිත් හා හර්ෂලාගේ සමගි ජන බලවේගය හෝ ජවිපෙ හා ජාතික ජන බලවේගය හෝ රටේ පාලන බලය ගත්තද IMF සමඟ හැර රටට වෙන ගමනක් නැත.
එම පුවත්පත තවදුරටත් කියා තිබුණේ ජාතික ජන බලවේගයේ ආර්ථික ලොක්කා වන අමල් නැමැත්තා එක් නාලිකාවක පෙනී සිටිමින් IMF සමඟ හැර ඔවුන්ටද වෙනත් ගමනක් නැති බව කිව්වාලු.
නමුත් ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනාම පාර්ලිමේන්තුවේදී රජයේ IMF යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් ජාතික නිදහස් සභාවේ සහ උත්තර ලංකා සභාගයේ මන්ත්‍රීවරුන් සමඟ එක්වූහ .
එලෙසම රටපුරා මේ දිනවල පැවැත්වෙන අති සාර්ථක ජවිපෙ -ජාතික ජන බලවේගයේ රැස්වීම් එකකදීවත් අනුර කුමාර එවැන්නක් ඉඟියෙන් හෝ පළකර නැත.එහෙත් මාලිමාව IMF වට්ටෝරුව අපේ රටට විනාශය කැඳවන බවටවූ සිය ස්ථාවරය කෙලින්ම රටට කිව යුතුය.එසේ නොවුන හොත් මෙරට ඉහළ මාළයේ සුපිරි පංතිය වෙනුවෙන් වෙහෙසෙන පුවත් ලියන්නෝ IMF එක ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ කටේ ඔබන්නට දැඟලීම අරුමයක් නොවේ.
අද IMF නොවන මාවතක් අවශ්‍යව ඇත්තේ IMF නිසා බොන්න බැරි තිත්ත බෙහෙත් බීමට යටත් කොට සිටින 60% කට වැඩි පොදු ජනතාවටය.ඔවුන් IMF නොවන මාවතක් සොයා නොගතහොත් ඔවුන්ට ඉතිරි වන්නේ විනාශය පමණි .IMF නොවන මාවත මහාචාර්ය සුමනසිරි ලියනගේ ඇතුළු බුද්ධිමතුන් මේ වනවිටත් රටට පෙන්වා දී ඇත . එනිසා බහුතරයක් ජනතාව විපර්යාසයක් උදෙසා දේශපාලන වශයෙන් ඉදිරි කාලයේ මැදිහත් වනු ඇත.
විමර්ශන ..
තවත් පුවත් :
0 Comments