කොළඹ වරායේ නැව් පිරෙයි

 

කොළඹ වරායේ නැව් පිරෙයි

රතු මුහුද ආශ්‍රිතව ඇතිවී තිබෙන අර්බුද තත්ත්වය හේතුවෙන් කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ජනවාරි මාසය තුළ වරායට නෞකා පැමිණීම සියයට 35කින් ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම වරායේ බහාලුම් මෙහෙයුම් ද සියයට 72කින් පමණ ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ බව ප්‍රකාශ කළේය.

කෙසේවුවද විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේ රතුමුහුදේ අර්බුදය හේතුවෙන් කොළඹ වරායේ ආදායම ඉහළ යාම පිළිබඳ සතුටට පත්විය නොහැකි බවය.

තවත් පුවත් : 


Post a Comment

0 Comments