අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ.. - අගරදගුරු මැල්කම් කාදිනල්

 

අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ.. - අගරදගුරු මැල්කම් කාදිනල්

එළඹෙන අප්‍රේල් මස (21) වනදා පාස්කු ප්‍රහාරයෙන් මියගිය සියලුදෙනා ශාන්තුවරුන් ලෙස ඔසවා තබන්නට නම් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

මැල්කම් කාදිනල් රංජිත් හිමි තවදුරටත් සදහන් කළේ,

" අප්‍රේල් මස 21 වනදාට පාස්කු ප්‍රහාරයට වසර 5යි. ඒ නිසා අපි තීරණයක් ගත්තා. ප්‍රහාරයෙන් මියගිය 273 දෙනා ශුද්ධාසනයට ඉදිරිපත් කරන්නට. මියගිය පිරිස ශාන්තුවරුන් ලෙස ඔසවා තබන්නට. ඔවුන්ගේ නම් ඉදිරිපත් කරනවා. ඔවුන් විශ්වාසයෙන් දේවස්ථානයට පැමිණි නිසයි ප්‍රහාරයට ලක් වුණේ.

ඔවුන් ගෙදරට වෙලා හිටියා නම් මැරෙන්නේ නැහැ. පාස්කු මෙහෙයට පැමිණි නිසා ජීවිතය පූජා කළා. ඔවුන් විශ්වාසය තුළ ජීවිත පරිත්‍යාග කළ පිරිසක් හැටියට. අපි ප්‍රකාශයට පත් කරන්නට සූදානම් අප්‍රේල් මස 21 වනදා. අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. අපි බය වෙන්න ඕනේ තමන්ටමයි."

කඳාන, ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ සිද්ධස්ථානයේ පැවති සන්ධ්‍යා මෙහෙය පැවති අතරතුරදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි මේ බව පවසයි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments