සමාජ මාධ්‍ය නීති ගෙන ඒම මගින් ආණ්ඩුව උත්සාහ කරන්නේ ජනතාවගේ කට වැසීමට වුවත් මෙමගින් ඉදිරියේදී බරපතල නරක ප්‍රතිඵල ඇති කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය .ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීය .
තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ විරෝධය දැක්වීමට තිබෙන අවස්ථාව අහිමි කළහොත් ඉදිරියේදී එය ප්‍රචන්ඩකාරීව මතුවීමේ අවධානමක් පවතින බවයි.
ආණ්ඩුවට එරෙහි විරෝධය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබලව ඉදිරිපත් වන බවද,එනිසා සමාජ මාධ්‍ය මර්ධනය කිරීමේ අවශ්‍යතාවය ආණ්ඩුවට ඇති බවද,ඔහු පැවසීය .
එබැවින් අනාගතයේදී එවැනි විශාල ජනතා අරගලයක් නිර්මාණය වුවහොත් එහි වගකීම මේ පනතට අත උස්සන මැති ඇමතිවරුන් බාරගත යුතු බව ඔහු පැවසීය .
එසේම ජනතාවට ආණ්ඩුවට එරෙහි තමන්ගේ විරෝධය දැක්වීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කළහොත් ඉදිරි මැතිවරණයකදී එහි ප්‍රතිඵලය ආණ්ඩුවට අත්විඳීමට සිදුවන බවද පැවසීය .
එම නිසා මෙම සමාජ මාධ්‍ය මර්ධනයට ගෙන එන පණත සඳහා අත් එසවීමට පෙර හොඳින් කල්පනා කර බලන ලෙස සියලු ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය .
0 Comments