සංජීව ධම්මික ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් අදත් අත් අඩංගුවට !

 


හිටපු සෞඛ්‍යය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට නොගැනීම පිළිබඳව විරෝධය පළකරමින් අල්ලස,දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සාමකාමි සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී .ව්‍යාජ ඖෂධ සිද්ධියේ මහ මොළකරු කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුන් එම ස්ථානයේ පොල් ගසමින් කටයුතු කළ අතර ,පසුව සිවිල් ක්‍රියාකාරීන් එම ස්ථානයේ" ඝෝඨා ගෝ ගම " නමින් විරෝධතාවයක්ද ආරම්භ කරන ලදී .

   ඉන් පසුව අධිකරණ නියෝගයක් රැගෙන මෙහි පැමිණි පොලීසිය එම නියෝගය කියවීමෙන් පසුව සිවිල් ක්‍රියාකාරීන්ට දැනුම් දුන්නේ එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසයි.ඒ මොහොතේම සංජීව ධම්මික ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් අත් අඩංගුවට ගත් බවත් පොලිස් ජීප් රියේදී ඔවුන්ට පහර දුන් බවත් පවසයි ..

තවත් පුවත් : 

Post a Comment

0 Comments