ඉන්දීය උගුලේ ජවිපෙ වැටුනා..

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියා සිටියේ අද වන විට ඉන්දියාව ඉතාම තක්කඩි ලෙස මෙරට විපක්ෂය නිහඬ කිරීමේ වැඩපිළිවෙලක නිරත වී සිටින බවත්,  ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් කණ්ඩායමක් ඉන්දියාවට ගෙන්වාගෙන සිදුකරන කාර්ය ද එහි එක් කොටසක් බවයි.

 ජවිපෙ කණ්ඩායමට ඉන්දියාවේදී පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ බලහත්කාරී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත සමාගම් බවද ඔහු සඳහන් කළේය.

මෙරට ඉඩම් පැහැර ගැනීමට උත්සාහ කරමින් සිටින ටාටා සමාගමට, විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ලබාදීමට නියමිත සමාගම, මිල්කෝ සමාගම මිලදී ගැනීමට හදන අමුල් සමාගමට මෙම පිරිස රැගෙන ගොස් ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඉතාම පැහැදිලිව මෙය ඉන්දියාව විසින් අටවන උගුලේ කොටසක් බවද හෙතෙම සඳහන් කළේය. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments