ශ්‍රී ලංකා කණ්ඩායම හමුවට එන බංග්ලාදේශ කණ්ඩායම ගැන එයාලගේ තේරීම් කමිටු සභාපති කියන කතාව.


බංග්ලදේශ කණ්ඩායම  ගැන දැන ගන්න බොහෝ වේලාවට ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් කැමැත්තක් දක්වනවා.

මොකද ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පවත්නා තරග අතිශය උණුසුම්කාරී තත්වයක් ගන්නවා.

ඒ වගේම තමයි තරග අවසානයේ කණ්ඩායම් ජය පරාජය සමරන ආකාරයත් කාගේ කාගෙත් අවධානය දිනාගත් කරුණක් බවට පත් වී තිබෙනවා.

කෙසේ නමුත් ඔවුන් මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථමයෙන් සහභාගී වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම වීමම ඔවුන්ටත් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේත් අවධානය දිනාගෙන තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමෙන් ලද අමතක නොවන තරගාවලි පරාජයෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අමෙරිකාව බලා ගොස් සිටින සිය කණ්ඩායම ගැන අදහස් පළ කර තිබෙනවා.

“නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟ කතා කිරීමෙන් පසුව අපි මෙම සංචිතයම ලෝක කුසලාන තරගාවෛය සඳහා තබා ගැනීමට තීරණය කළා.

යනුවෙන් තේරීම් කමිටු සභාපති අෂ්රෆ් පවසා තිබෙනවා.

“අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් T20 ලෝක කුසලානයේදී හොඳින් ක්‍රීඩා කරයි කියලා.

අපි දැනට ඉන්න සංචිතය ගැන විශ්වාසයක් තියාගෙන ඉන්නේ.

අපි කවදාවත් හිතුවේ නැහැ කණ්ඩායම (ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව) තරඟාවලි පරාජයකින් යුතුව සංචාරය ආරම්භ කරයි කියලා.

නමුත් යථාර්ථය ඒකයි. අපිට තව 12 දෙනෙක් ඉන්නවා. අපි මේ බලාපොරොත්තු සුන්වීමෙන් මිදිය යුතුයි.

 ක්‍රිකට් ප්‍රවීණයන්ගේ හොඳම කණ්ඩායම් අතර නැති ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඇසෙන අලුත්ම පුවත මෙන්න.

තවත් පුවත් : 


Post a Comment

0 Comments