20-20 ලෝක කුසලානය දින්න ඉන්දියානු කණ්ඩායමේ සිටි එකම ශ්‍රී ලාංකිකයා.


නුවන් සෙනවිරත්න යනු පළමු පෙළ තරඟ දෙකක් හෝ තුනක් ක්‍රිඩා කර පසුව පාසල් වෑන් රථ රියදුරෙක් ලෙස රැකියාව කරමින් සිටි කොල්ලෙකි. 

නමුත් ඔහුට ලැබෙන විවේක කාලයයේදී තමන් ක්‍රිඩා කල NCC ක්‍රිඩා සමාජය වෙත ගියේය.

පසුව ඔහු ශ්‍රී ලංකා 'ඒ' පිලට ඔවුන්ගේ පන්දු රැකීමේ අභ්‍යාසවලට සහය වෙමින් සිටින ලදී.

කැපවීම උනන්දුව විනය මෙන්ම ක්‍රිඩාංගනයෙන් අවසානයට යන පුද්ගලයා ඔහු බව හිටපු ශ්‍රී ලංකා පිතිකරු චරිත් සේනානායක සඳහන් කර තිබෙනවා.

නුවන්ව ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම් පුහුණු කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුද්ගලයෙක් බව මෙරට බළධාරීන් ට පවසා ඇත්තෙද චරිත් සේනානායකයි.

නුවන් ගැන ඔත්තුව කෝලිගේ කනට යන්නෙ 2017 වර්ෂයේ දීය.

කෝලි තමන්ගෙ කළමාකාරීත්වයට ඒ බව දැනුම් දී මාස කිහිපයක් ඇතුලත ඉන්දීයා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට නුවන් සෙනවිරත්න නිළ වශයෙක් එක් කරගන්නා ලදී.

නුවන්ගෙ විශේෂත්වය වමතින් පන්දු විසික් කිරීමේ හැකියාවයි..

වරක් කෝලි තම පුහුණු කාර්ය මණ්ඩලයේ සිටින throwdown තිදෙනා ගැන වි⁣ශේෂයෙන් කතා කරමින් ඔවුන්ව මෙසේ හඳුන්වා දෙන ලදී.

"අපට නිතිපතා පුහුණුවීම් ලබා දුන් සහ ඔවුන්ගේ දායකත්වය ඇදහිය නොහැකි තරම් වූ මෙම පුද්ගලයින්ට විශාල ගෞරවයක් හිමි වේ.

ඔබ ඔවුන්ගේ නම් සහ මුහුණු මතක තබා ගත යුතුය, මන්ද, අපගේ සාර්ථකත්වය පිටුපස, මේ අය විශාල උත්සාහයක් දරා ඇත,"

මේ රඝු, දයා, නුවන් නොහොත් බව්වා - එයාලා අපිට හැමදාම අභියෝග කරනවා පැයට කිලෝමීටර් 145යි, 150යි, පුහුණුවීම් සැසි හරිම සැරයි, අපිව තරගයට ලෑස්ති ​​කරන්න, මගේ සාර්ථකත්වයට ඔවුන් විශාල කාර්යභාරයක් ඉටු කළා ඔහු වැඩිදුරටත් පැවසීය.

කෝලිට නුවන්ගෙ වේගය කරදරක් වුනේ නැත.

අද වෙන විට නුවන්ව තම පුහුණු කාර්ය මණ්ඩලයේ රඳවා තබා ගැනීමට ඉන්දියා ක්‍රිකට් බළධාරීන් විශාල වැටුපක් සහ නිසි ඇගයීම් ඔහු වෙත ලබා දෙන බව සඳහන් වෙයි.

(උපුටා ගැනීමකි)

තවත් පුවත් : 

Post a Comment

0 Comments