ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ පරාජය වීමත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායම ගැන තිබෙන විශ්වාසය පළුදු වී තිබෙනවා.
කෙසේ නමුත් මෙම තරගය පරාජය වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර 20-20 තරග 100කින් පරාජයට පත් වී තිබෙනවා.
ඒ බංග්ලාදේශය හමුවේ ලැබූ පරාජයත් සමගයි.ශ්‍රී ලංකාව මේ වනවිට තරග 191ට ක්‍රීඩා කර ඇති අතර ජයග්‍රහනයන් 85ක් සහ පරාජයන් 100ක් උරුම කරගෙන අවසන්.
ප්‍රතිඵලයක් නොමැතිව තරග 2ක් සහ තරග සමවීම් 4ක් ද සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ 20-20 ජයග්‍රාහී ප්‍රතිශතය 44.50ක් ලෙසයි සඳහන් වෙන්නේ.
මීට පෙර බංග්ලාදේශ කණ්ඩායම 20-20 තරග 100ක් පරාජයට පත්වුණ ප්‍රථම කණ්ඩායම බවට පත් වුණා.
තවත් පුවත් :
0 Comments