ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැන ඇසෙන පුවත.

 


ශ්‍රී ලංකා කණ්ඩායමට 20-20 ලෝක කුසලානයෙන් වේලාසනම ඉවත් වන්නට සිදුවුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට සහ බංග්ලාදේශයට පරාජය වීමෙන් අනතුරුවයි.

මේ අතර මෙවර ලෝක කුසලානය තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභගී වෙන අවසන් තරගය  නෙදර්ලන්තය සමග පැවැත් වෙනවා.

මේ අතරම ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු වන ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පුහුණුකරනය සමගින් ශ්‍රී ලංකා කණ්ඩාම සහභාගී වෙන  අවසන් තරගය මෙය බවටද  පුවත් වාර්තා වෙනවා.

20-20 ලෝක කුසලානයෙන් පසුව ඔහුගේ ගිවිසුම් දීර්ඝ නොකරනු ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මීට පෙර ඔහු එංගලන්ත පුහුණුකරු ලෙසද කටයුතු කළ අයෙක්.

20-20 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙන එන්නේ ඔහුගේ පුහුණුකාරීත්වය සමගයි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments