ඊයේ සිදුවීමෙන් පසුව වනිඳුගේ හැසිරීම ගැන ක්‍රීඩාලෝලීන්ගේ විරෝධය...

 


ලංකා ප්‍රිමිය ලීගය මේ දිනවල පැවැත්වෙනවා.

මේ එක්කම වනිඳු හසරංගගේ සමහර හැසිරීම් සම්බන්ධව ක්‍රීඩාලෝලීන් තුල නම් ඇත්තේ එතරම් සුබවාදී ආකල්පයක් නම් නෙවෙයි.

පසුගියදා කොළඹ සහ මහනුවර අතර පැවති තරගයකදී නවක ක්‍රීඩකයකුට බැන වදින ආකාරයේ වීඩියෝ පටයක් සමාජ ජාලා තුල පැතිර ගියා.

මේ අතරම ඊයේ පැවති කොළඹ සහ මහනුවර අතර තවත් තරගයකදී වනිඳුගේ හැසිරීම සම්බන්ධයෙන් නැවතත් කතාබහක් ඇති වුණා.

ක්‍රීඩාලෝලීන් චෝදනා කළේ ක්‍රීඩකයින් අතට අත දෙද්දී චාමික කරුණාරත්නට අතට අත නොදීම සහ චමින්ද වාස් හට කිසිදු ගරුසරුවක් නොමැතිව අතට දීම මහත්මා ක්‍රීඩාවට කිසිසේත්ම නොගැලපෙන බවටයි.

කෙසේ නමුත් වනිඳු ඊයේ පිත්තෙන්ද අසාර්ථක වුණා.

මීට පෙර ක්‍රිකට් කටකතා තුල පැතිරුනේ වනිඳු සහ චාමික අතර යම් විරසකයක් ඇති බවත් චාමික ලෝක කුසලානයට ඇතුලත් වුණොත් තමන් එයට සහභාගී නොවන බවටත් පවසා ඇති බවටයි.

කෙසේ නමුත් මෙවැනි දේ හරහා එය ප්‍රකට වන බවටයි ක්‍රීඩාලෝලීන් නම් පවසන්නෙ.

තවත් පුවත් : 


Post a Comment

0 Comments